අග්ගමහා පණ්ඩිත අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන් මිලානෝ ලංකාරාම විහාරස්ථානයට වැඩම කළහ.
ධර්ම චාරිකාවක් සඳහා මහනාහිමියන් ඉතාලියට වැඩමකළ ප්‍රථම අවස්ථාවද මෙයයි .
කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි ,කොළඹ සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමිවරු ද මහා නා හිමි කැටුව වැඩම කළහ.
ශ්‍රී ලංකා සංඝරත්නය පිළිගැනීම සඳහා ලාංකික සංස්කෘතිකාංග සමන්විත පෙරහරක්ද පැවැත්විණි
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතාද අස්ගිරි මහනායක හිමියන් බැහැ දිටීය.

