අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයක් නෑ


(නාලක සංජීව දහනායක )                           

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ කළ සම්පූර්ණ අනුශාසනාව නොඇසූ පිරිස්  රාජපක්‍ෂවරුන්ට හා මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පැවසීය.


එහෙත් එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය නොදක්වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. 
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද  කීය.   

  
හිටපු ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනයේදී වේඬරුවේ උපාලි හිමියන් විසින් සිදුකළ ප‍්‍රකාශයක් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙනවා.

මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා දැහැමි ඍජු ගතිගුණ තිබෙන පාලකයෙක් රටට අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළා. වේඬරුවේ උපාලි හිමියන්ගේ මෙම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම ඇහුවේ නැති උදවිය මහා සංඝ රත්නයටත්, රාජපක්‍ෂවරුන්ටත් විරුද්ධව විවිධ ප‍්‍රකාශ සිදුකරනවා.

        
මෙම ප‍්‍රකාශයෙන් වැඩියෙන්ම කළබලයට පත්ව සිටින්නේ බුදු පිළිම වහන්සේලාගේ බෙල්ලෙන් අල්ලන් සිටි බවට චෝදනාවට ලක්වූ මංගල සමරවීර අමාත්‍යවරයායි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හැරුණු විට යුද්ධය නිම කිරීමේ විශිෂ්ටතම කාර්යයක් කළ අනෙක් තැනැත්තා ගෝඨාභය රාජපක්‍ෂයි.

උම්බලකඩ කෑල්ලක්වත් නොකන ඉතාම සාමකාමී ජීවිතයක් ඔහු කිසිසේත්ම හිට්ලර් පන්නයේ කෙනෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂගේ නාමය කිසිසේත්ම ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි යැයිද කීය.


ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.