(මනෝප‍්‍රිය ගුණසේකර)
වගාව හා ව්‍යාපාර සම්බන්ධයෙන් අසල්වැසි නිවැසියන් අතර ඇතිවු ආරඅවුලක් දුරදිග ගොස් අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතල තුවාල කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පන්නිපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එක් පුද්ගලයකුට වසර 7 1/2ක බරපතල වැස සහිත සිරදඬුවම් නියම අද (17) නියම කළේය.
මීට වසර 26කට ඉහතදී පන්නිපිටිය ප‍්‍රදේශයේදී විත්තිකරුවන් තිදෙනෙකු මෙම මිනී මැරීමේ අපරාධය සිදුකොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනාට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා එක් පුද්ගලයකුට තුවාල සිදුකළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ අසංක කුමාර් නමැති විත්තිකරුට මෙලෙස සිරදඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ප‍්‍රදීප් ප්‍රේමචන්ද්‍ර සුදත් කුමාර සහ සුමිත් ශ‍්‍රි ලාල් නමැත්තන්ටය.
මෙම විත්තිකරුවන් සමඟම චෝදනා ලැබ සිටි සංජීව අබේරත්න නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියළුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
1996 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පන්නිපිටිය ප‍්‍රදේශයේදී සුසන්ත පෙරේරා නමැත්තාට පිහියෙන් ඇන ඔහුගේ මරණය සිදුකළ බවට හා ඒ අවස්ථාවේදී මානෙල් පෙරේරා නමැත්තියට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී වගාව හා ව්‍යාපාර සම්බන්ධයෙන් අසල්වැසියන් වු මරණකරුවන් හා විත්තිකරුවන් අතර ඇතිවු ආරඅවුලක් දුරදිග යෑම හේතුවෙන් විත්තිකරුවන් අතරින් තිදෙනෙකු අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කොට ඔහුගේ බිරි`දට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකොට ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
ඉදිරිපත් වු සාක්කි අනුව අදාළ නියෝගයන් ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාට රුපියල් 75,000/- බැගින් දඩ නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 45ක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.