
(යොහාන් භාසුර)
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
එම ක්‍රීඩකයා තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් සභාපතිවරයා පැවසීය.

