ඉන්දිකා රාමනායක
උත්සව සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිසියේ 2700 දෙනෙක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
මින් 1800 ආරක්ෂාව වෙනුවෙන් බවත් 900 දෙනෙක් රථවාහන රාජකාරි සඳහා යොදවා ඇති බව පොලිස් මුලස්ථානයේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
උත්සව සමයේ කොළඹ නගරයේ සැරිසරන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්, ගැටකපන්නන්, සහ පාරිගෝගිකයින් මුලා කර ගසාකන වංචනික වෙළෙදුන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
සාප්පු සවාරියේ නිරත පුද්ගලයන්ගේ රථවාහන නියමිත රථගාල්වල පමණක් නතර කර පොලිසිය සහය දක්වන ලෙසත් වාහන නතර කිරීම තහනම් කර ඇති ප‍්‍රදේශවල වාහන නතර කිරීමෙන් වළකින පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
කොළඹ නගරයේ ආරක්ෂාවට අමතරව දිවයින පුරා ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තරකර ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.