අවුරුදු කන්න ඇමැතිගෙන් බඩු මල්ලක්


(සුජිත් හේවාජූලිගේ)

අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයනට රුපියල් දහසක සහන බඩු මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සීනි,පරිප්පු,සහල්, පිටි හා හාල්මැස්සන් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් මීට ඇතුළත් වෙයි.

සතොස හරහා ලබන මස 1 වැනි දා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.