වයස අවුරුදු 70 ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම ඉදිරි සති කිහිපය තුළ නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දෙන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
කොරොනා වයිරසයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
මෙම උපදෙස් තවම බලාත්මක නොවන නමුත් ක්‍රියාවලිය ආරම්භ වූ විට ඉතා දිගු කාලයක් පවතිනු ඇති බව ද ඔහු පැවසීය.
"මේ රටේ සෑම පුද්ගලයෙකුම පීඩාවට පත්වනු ඇත," ඔහු අනතුරු ඇඟවීය.
70 ට වැඩි අය සහ ඇතැම් අයහපත් සෞඛ්‍ය තත්වයන් ඇති තරුණ තරුණියන් නිවසේ රැඳී සිටීම අවශ්‍ය වන අතර සිල්ලර බඩු හා අත්‍යවශ්‍ය ඖෂධ නිවසටම ලබා දීමට කටයුකු කළයුතු බව සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය.
මේ දක්වා බ්‍රිතාන්‍යයේ වෛරසයෙන් මියගිය සියලුම දෙනා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් හෝ වෙනත් රෝග වැළඳුණු පුද්ගලයන් වේ.
හැන්කොක් මහතා පැවසුවේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ට වැඩිහිටි ඥාතීන් හා මිතුරන් හමුවීමට හැකි වන නමුත් ඔවුන්ට මීටර් දෙකක් පමණ දුරින් රැඳී සිටිය යුතු බවයි.
යුද්ධය පැවති කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග සිහිගන්වමින් මෝටර් රථ නිෂ්පාදකයින්ට වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන ලෙසත් හෝටල් රෝහල් බවට පත් කරන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.
කොරොන වයිරසයට ප්‍රතිකාර කරන රෝහල්වල අවශ්‍යතා නිපදවීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයින්, ආයුධ නිෂ්පාදකයින් සහ හමුදා සැපයුම්කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙනස් කරන ලෙස මේ අනුව බ්‍රිතාන්‍ය රජය ඉල්ලා ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

