(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අරඹන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
නීතිඥ සංගම් ,වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිති ඇතුළු සියලුම සංවිධාන යළි බල ගැන්වීමේ කටයුතු රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙලෙස ආරම්භ කෙරෙයි .
ඉදිරි මාස හයක කාලයේදී පක්ෂයට සම්බන්ධ තරුණ හා කාන්තා සංවිධාන ද සම්පූර්ණයෙන්ම නවීකරණය කර වත්මන් යුගයට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධාන කිරීම ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ,උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත ප්‍රතිසංවිධාන කටයුතු සිදුවේ .

