අංජුල මහික වීරරත්න
සිංහල දෙමළ අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු විය යුතු බව ජනාධිපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසමි මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනාධිපති සහ අගමැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර හමුවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිටිහි ජනාධිපති නිල නිවසේදී ඊයේ (07) රාත්‍රීයේදී සිදු වී ඇත.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපති සහ අගමැති අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.