(සුජිත් හේවාජූලිගේ)
අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාව අතුරින් යමි යමි පිරිස් අහඹු ලෙස තොරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොළඹ සිට පිට පළාත් සඳහා යන ප්‍රධාන මාර්ග කීපයක මෙම පී.සී.ආර් පරික්ෂණ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීහු කණ්ඩායම් කීපයක් එම ස්ථානවලට යොමු කිරීමට ද පියවර ගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා කියයි.
කෝවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.

