අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි 46ක ආදායමක්


(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි 46කට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශය පැවසීය.

මෙම මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා දින 10 තුළ මෙම අදායම ලැබූ බවත් එම කාළය තුළ රථවාහන ලක්‍ෂ 13 ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවත් එම අංය කීය.

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව තව දුරටත් කොළඹට පැමිණෙමින් සිටීම නිසා ආදායම තව දුරටත් ඉහළ යනුඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.