(ගයාන් සූරිය ආරච්චි)
මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර වැසිකිළි වලක දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වතුර ගම, ඉඳුරුගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43-44 වයස්වල පසුවන පින්තාරු ශිල්පීන් තිදෙනෙකි.
කිරිඳවල පොලිසියේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මීට වසරකට පමණ ආසන්න කාලයකට පෙර සැකකරුවන් එම පුද්ගලයා ඝාතනය කර වැසිකිළි වළක දමා ඇති බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වතුරගම, ඉඳුරුගොල්ල ප්‍රදේශයේ පදිංචි පීපී සුනිල් නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් ඝාතනය කර වලදමා ඇති මෘත දේහය අද (8) ගොඩ ගැනීමට නියමිතව තිබුණි.
කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

