කාලයක් තිස්සේ අනුරාධපුර අවුකන බුදු පිළිමයේ අතක බැඳ ඇති බඹර වදයක් ඉවත් කිරීම සඳහා බදාදා (29) පෙරවරු 9 ට මහනුවර සත්ත්ව විශේෂඥයින් පිරිසක් පැමිණීමට නියමිත බව කියති.
ඒවා ඉවත් කරන ලෙස නියෝගයක් ලැබී ඇතැයි එම පිරිස සඳහන් කරති.
අවස්ථා කිහිපයකදීම මෙම බඹර වද ඉවත් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
අවුකන ප්‍රදේශයේ ප්‍රභූවරයකු සංචාරය කිරීමට නියමිත බවත් ඒ හේතුවෙන් මේවා ඉවත් කරන බවට සැකයක් ඇති බවත් ගම්වැසියෝ කියති.

