අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරය වසයි


අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තාවකාලිකව අද (13) පෙරවරුවේ සිට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමුණු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පවසයි.

නඩු කටයුතුවලට ඉදිරිපත් කළ යුතු සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලින් රැගෙන විත් තාවකාලිකව රඳවා තබා ගැනීමට අවිස්සාවේල්ල බන්ධනාගාරය යොදාගත් අතර ඉකුත් සතියේදී එලෙස රඳවාගත් සිරකරුවන් 10 දෙනෙක් එම බන්ධනාගාරයෙන් පලා ගියහ. ඉන් අත්අඩංගුවට ගත්තේ තිදෙනෙකු පමණි.