(යොහාන් භාසුර)
සිම්බාබ්වේ පිලට එරෙහිව මේ 6 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ලෝක කුසලාන තරගාවලියේදී ස්ථානය අහිමිවූ අවිෂ්ක ප්‍රනාන්දු ඇතුළත් කර තිබේ.
ක්‍රීඩකයන් 17 කින් සමන්විත එම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ කැඳවා තිබේ.
විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත්ව සිටිය ද ඔහු පළමු තරග දෙකට සහභාගිවීම අවිනිෂ්චිත බව ද දැනගන්නට තිබේ.
එම එක්දින තරගාවලිය තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 6, 8 සහ 11 වැනි දිනවල පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, මහීෂ් තීක්‍ෂණ, ඩිල්ෂාන් මධුසංඛ, දුෂ්මන්ත චමීර, දුනිල් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය සහ වනිඳු හසරංග

