අවිනීත ගුරුවරුන්ට එරෙහිවන්නැයි ගුරු වෘත්තීය සමිති කියයි


(දයාසීලි ලියනගේ)

ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව මාරු කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් පොළඹවන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා ඇත.

ගුරු මාරුවීම්වලට විරෝධය දක්වා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හදාරන සිසුහූ පිරිසක් අද (13) උද්ඝෝෂණයකට එක්වූහ.

එයට සහය දැක්වූ ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති ගල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ.එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරු මාරු කර ඇත්තේ මුළුමනින්ම නීතයානූකුලව බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.