අවාරයට රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම්


රංජිත් රාපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු අවාරේ රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් කිරීමට කටයුතු කරන බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කියති.

ඒ හිමියෝ මේ බව කීවේ ශ්‍රීපාද වන්දනා වාරය අවසන්වීම ගැන රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේයී පැවැති සාකච්ඡාවක දී ය.

පසුගිය වසරේ අවාරයේ සිරිපා කරුණා කළ ඇතැමුත් ජාතීන් අතර අසමගියක් ඇති කරන පරමාර්ථයෙන් විවිධය කටයුතු සිදු කර තිබීම නිසා මෙම තීරණය ගත් බවයි. අවාරයේ දිවා කාලයේ ශ්‍රීපද කරුණා කරන සංචාරකයන් නල්ලතන්නිය පොලිසිය දැනුම්වත් කර යා යුතු බවත් ඒ හිමියෝ පැවසූහ.

මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පොහෝ දිනෙන් අවසන් වීමට නියමිතය.