(සුජිත් හේවාජුලිගේ )
ඇතැම් රටබීම නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රටබීම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම සමාගම්වලින් වාර්තා කැඳවනු ලැබ ඇත.
රටබීම මිල වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

