අවසන් පුර්ව වටයේදී නිලූක පසුබසී


නෙදර්ලන්තයේ පැවැති ‘යොනෙක්ස් ඩට්ච්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න තියුණු තරගයකින් පසුව ඉන්දියාවේ ආනන්ද් පවර් හමුවේ පරාජය විය. තරගාවලියේ පළමු තරගයේදී ස්ලෝවේනියාවේ ස්ටොක් උත්රොසා පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් නිලූක එහිදී චෙක් ජනරජයේ පීටර් කොවුකල් පරදවා අවසන් පුර්ව වටයට පිවිසියේය. ඉන්දියාවේ ප‍්‍රබලම ක‍්‍රීඩකයකු වන ආනන්ද පවර් සමග පැවැති අවසන් පුර්ව තරගයේ පළමු වටය ලකුණු 21/18 ක් ලෙස නිලූක ජය ගත්තේය. ඉන්දිය ක‍්‍රීඩකයා දෙවැනි හා තෙවැනි වට දෙක ලකුණු 21/12, 21/18 ක් ලෙස ජයගෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කෙසේ වෙතත් පවර් අවසන් තරගයේ ක‍්‍රීඩා නොකිරීම නිසා ඉන්දුනීසියාවේ ඇන්ඩි‍්‍ර කුර්නිවාන්ට නිතරග ජයක් හිමිවිය.