අවසන් ටෙස්ට් තරගය බ්‍රෝඞ් ට අහිමිවෙයි
එංගලන්ත පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඞ්, පාදයේ ආබාධයකට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 3 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ආරම්භවන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව බ්‍රෝඞ් ට අහිමිව ඇත.
අවසන් ටෙස්ට් තරගය සඳහා සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් බ්‍රෝඞ් අද (30) සහභාගි වු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්වීමෙන් ඔහු ස්කෑන් පරීක්‍ෂණයකට ද යොමුව තිබේ. ගාල්ල අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඔහුගේ පාදයේ වළලූකර ප‍්‍රදේශයේ මෙම ආබාධය හටගෙන තිබේ.

