(විනීතා එම් ගමගේ)
අමාත්‍ය මණ්ඩලය පමණක් නොව රාජ්‍ය සංස්ථා, අධිකාරි ඇතුළු ආයතන ප්‍රධානීන් ද වෙනස් කිරීමට පසු නොබසින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසී යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මුණ ගැසුණ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවැසීයැයි ද අමාත්‍යවරයා කීය.
එමෙන්ම අමාත්‍යංශවල විෂය පථයන් වෙනස් කිරීමට ද අවධානය යොමු වී ඇතැයි ද ඒ සඳහා අධ්‍යයනය කරමින් සිටින ද ජනාධිපතිවරයා පැවැසූ බවත් සමරසිංහ මහතා පැවැසීය.
පසුගියදා කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පළමු පියවර වන අතර ඉදිරි දෙසතිය තුළ නැවත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සමහර අමාත්‍යංශවල විෂය කටයුතු කිසිසේත්ම නොගැලපෙන බව ජනාධිපතිවරයා පැවැසූ බව කී සමරසිංහ මහතා අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඇතුළු රජයේ විවිධ වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවැසීය.
මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ වරාය අමාත්‍යංශයේ දී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.