අවශ්‍යතාවයට පාම් තෙල් ගෙන්නන්න අවසර


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)

කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකි බව ද ඇමැතිවරයා කියයි.

දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරන බවත් පාම් ත‍ෙල් සඳහා විදේශයට යන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.