රිය අනතුරුවලින් මියයන රියදුරු බලපත් හිමි අයගේ අවයව සිය කැමැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන බවට වන වගන්තියක් රියදුරු බලපත‍්‍රයට ඇතුළත් කළ හැකි දැයි අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ හැකි ආකාරය සොයා බලා තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
විදේශීය රටවල මෙවැනි ක‍්‍රම ක‍්‍රියාත්මක කරමින් අවයව ලබාගෙන බද්ධ කිරීම් සාර්ථකව සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

