රංජන් කස්තුරි
ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
බස් ගාස්තුව එලෙස ඉහළ නොදැමුවහොත් ලබන බදාදා (16) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් දියත් කරන බව ද එම සම්මේලනය සඳහන් කරයි.
ඉන්ධන ගාස්තු වැඩිවීම නිසා පිරිවැය ඉහළ ගොස් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති හෙයින් බස් ගාස්තු ඉහළ නැංවීමෙන් තොර විකල්පයක් නැතැයි ද එස සම්මේලනය කියයි.