අවභාවිත කළ රජයේ මුදල් යළි අයකර ගැනීමේ කටයුතු කඩිනමින්


ශිරාන් රණසිංහ
 
රජයේ මුදල් අවභාවිත කර ඇති බවට විගණන වලදී තහවුරු වී ඇති නිලධාරින්ගෙන් එම මුදල් යළි රජයට අයකර ගැනීමේ කටයුතු (අධිභාර පැනවීම) මෙම වසර අවසානයට පෙර ආරම්භ කිරිම තම ඉලක්කය යැයි ජාතික විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.


වසර තුනක පමණ කාලයක් විවිධ හේතු නිසා පමා වු ජාතික විගණන කොමිසන් සභාව මේ වන විට සම්පුර්ණයෙන්ම සක්‍රීය වී ඇතැයි ද ඒ මහතා කීය.


මෙම වසර  අවසානයට පෙරාතුව ජාතික විගණන කොමිසම පිහිටුවීමේ වැදගත්කම රටේ ජනතාවට මෙම වසර අවසන් වීමට මත්තෙන් අවබෝධ වනු ඇතැයි ද ඒ මහතා කියා සිටී.