අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අයගේ අනුරූ ගිනි තියති


(රංජිත් රාජපක්ෂ)                   
                                                  
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරීමට විරෝධය  දක්වමින් අදත් (29) බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයේ නියැලුණහ.
 
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ වතු කම්කරුවෝ අද සේවයට වාර්තා කිරිම පෙර කළු කොඩි අතැතිව පෙළපාළියකින් බගවන්තලාව නගරය වෙත පැමිණ විරෝධය දක්වමින්,  අවබෝධතා ගිවිසුමට අත්සන් කළ වතුකරයේ දේශපාලනඥයින්ගේ සහ වතු සමාගම්වල නිලධාරින්ගේ අනුරුවක් සකස් කර හින්දු චාරිත්‍රානුකුලව අවමගුල් චාරිත්‍ර  සිදු කර අනුරුවන් පුළුස්සා දමා සිය විරෝධය දැක්වූහ.
 
වතු හාම්පුතුන්ගේ  සංගමය හා ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඊයේ (28) උදෑසන අරලියගහ මන්දිරයේදි වසර දෙකකට බලපැවැත්වෙන සේ අවබෝධතා ගිවිසුමට  අත්සන් කළේය.
 
විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන්  පවසනුයේ  වතුකරයේ දේශපාලඥයින් රු 1000 ක තමන්ට මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව පොරොන්දු වෙමින් තමන්ව මුලා කළ බවයි.