(ඉන්දිකා රාමනායක)
වත්තල මාබෝලේ ප‍්‍රදේශයේ දී පිස්තෝලයක් අතැතිව අවන්හලක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ල කල්ලියක එක් සාමාජිකයකු පිස්තෝලයක් ද සමඟ ප‍්‍රදේශවාසීන් එක්ව අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි.
කොල්ලකරුවන් තිදෙනෙක් යතුරු පැදියකින් රාති‍්‍ර 11.50 පමණ මෙම යතුරු පැදිය නවතා එහි රැඳී සිට එක් කොල්ලකරුවකු සතුව පිස්තෝලයක් තිබෙනු දැක හෝටලයේ සේවකයින් ඇතුලූ පිරිස කොල්ලකරුවන් තිදෙනාට වටකර පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාලකරු රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

