අවන්ගාඩ් අවි නැවක් තවත් ‘කුණාටුවකට‘ හසුවේ


ගාලු වරායට නාවික සැතපුම් කිහිපයක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගත් අවි නැවේ පරීක්ෂණ අවසන් නැතැයි නාවික හමුදාව කියයි.

ඇවන්ට්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ අවි මෙම නැවේ තිබෙන්නට ඇතැයි සැක කෙරේ.

නාවික හමුදාව පවසන ආකාරයට රතු මුහුද පෙදෙසේ සිට යාත්‍රා කර තිබෙන මේ නැවේ අවි 810 ක් තිබී ඇත

ශ්‍රී ලංකා වරායකට අවි රැගත් නැවක් ඇතුලු වීමට ප්‍රථම ඊට අවසර ගත යුතු නමුත් එසේ අවසර ගෙන නැතැයිද නාවික හමුදාව කියයි.

නැව හා සම්බන්ධවූ අවස්ථාවේ කාර්යමණ්ඩලය අලුත් කිරීම සඳහා පැමිණි බව පවසා සිටියද ඒ පිළිබද සැක උපුදවා නැවට ගොඩවී කළ පරීක්ෂාවේදී මෙම අවි සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයද දැනුම්වත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

 

AVTGRD-1009-01 AVTGRD-1009-02 AVTGRD-1009-03