අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හිඟන්නගෙ තුවාලය කරගන්න එපා


(අංජුල මහික වීරරත්න)

අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු 2025 වසර වන විට  සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බව යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.

අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා විධිමත්  සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.