අවංක දැරියට පැරිස් පන්සලෙන් ශිෂ්‍යත්වයක්


මහ මග වැටී තුබූ රුපියල් ලක්ෂයක් අහුලා අයිතිකරුට බාර දුන් ඇල්පිටියේ සචිනි ‍කෝසලා දැරියගේ කතාව ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් කියැවූ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මරුංගාගස්යායේ ඥානිස්සර නාහිමියෝ පසුගියදා ඇගේ පාසලට වැඩම කළහ. ඇය උගෙන ගන්නා තුරු පසුගිය අගෝස්තු මාසයේ සිට මාසයකට රුපියල් 1500 බැගින් ශිෂ්‍යත්වයක් දෙන බව ද නාහිමියෝ ඇයට කීහ.