අලූත්කඩේ අවට පොලිසියෙන් හමුදාවෙන් පන්දාහක්
හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා උසාවියට රැගෙන එනවිට අඩුගනනේ පොලිස් විශේෂ කාර්ය බළකායේද යුද හමුදාවේද භටයෝ පන්දහසක් පමණ අලූත්කඩේ රැකවල්ලා සිටියහ.
පොන්සේකා රැගත් බන්ධනාගාර රිය මහාධිකරණයට ඇතුළු වෙද්දී ‘සෙන්පතියාට ජයවේවායි’ රැස්ව සිටියෝ කෑ ගැසූහ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරන්නට පෙර පොන්සේකා විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් ද කළේය. ඔහුගේ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා උසාවියෙන් ඉල්ලා සිටියේ, ඔහුගේ 44 අවුරුදු සේවයේදී කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් තෙවරක් ජීවිතයට එල්ලවූ තර්ජනද කොටියන්ගෙන් ඔහු රට බේරාගැනීමට ගත් වෙහෙසද සලකා බලන ලෙසයි.

