(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල රාමුව තුළ දීය.
බොහෝ විදේශික සංචාරකයන් ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කර පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඇතුළත්වීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී අත්හදා බැලීමෙන් පසුව අලුයම 5ට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය .
දැනට අති විශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරබීම සදහා පැමිණෙන බවද පෙරවරුවේ 09 ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරබීමට අවස්තාව උදා කර දීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකගත්වය පරිදි විෂය භාර ඇමති සජිත් පේමදාස මහතා අනුමැතිය ලබාදුන් බව හෙතෙම සදහන් කළේය .

