(වියලූව - නිශාන්ත කුමාර)
රජයේ මුදල් රුපියල් කෝටි ගනණක් වියදම් කර අවස්ථා කීපයකදීම අලුත්වැඩියා කරන ලද බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇත. බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති කෙටිම මාර්ගයයි.
මීට මාස කීපයකට පමණ පෙරද ගල් සහ පස් දමා සමතලා කර මෙම මාර්ගය පිළිසකර කරනු ලැබූ අතර දින කීපයක් ගත වෙද්දී මාර්ගය යළිත් ගිලා බැසීමට ලක්ව ඇතැයි මාර්ගය දෙපස පිහිටි ගම්මානවල ජනතාව පවසති.
මාර්ගය අබලන් වීම හේතුවෙන් මහියංගණ,මැදඔය,වැව්පිටිය,රෝහණ,පගරගම්මන,අලිකදුර,ඇතුලු ගම්මාන රැසක පවුල් 5000 ක් පමණද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

