අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ බොහෝ කඩසාප්පු දින තුනකට පසු අද විවෘත විය.
පාසැල් නොපැවැත්විණි.
ලංගම හා පෞද්ගලික බස් ධාවනය විය.
බඩුමුට්ටු මිලට ගැනීමට හා ගමන් බිමන් යෑමට බොහෝ පිරිස් නගරවලට ආහ.
විදේශිකයෝ ද නගරවල සිටියහ.
අලාභහානි වූ කඩ සාප්පු හැර සෙසු වෙළෙඳසල් විවෘත වී තිබිණි.

