අලුත්ගම සන්සුන්


ඇඳිරිනීතිය ඉවත් කළ පැය හතරේ දී අලුත්ගම හා ධර්ගා නගරයේ වැඩි දෙනා කෑම බීම සොයා ගැනීමට වෙහෙසුනහ.

තව පිරිසක් බෙහෙත්හේත් ගැනීමට ද ගියහ.

අලුත්ගම නගරයේ බස් නැවතුම් පොළේ බස් කිහිපයක් ද ධාවනය විය.

කඩ සාප්පු කිහිපයක් හැරුණු විට වැඩි ගණනක් වසා තිබිණි.

මතුගම වැලිපැන්න නගරයේ ආරක්ෂාව ද තහවුරු කර තිබේ.