අලුත්කඩේ පිරිසකට පොලු පහර


දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.

පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.

තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.

යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.


දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ

2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා

දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.

ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.

විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.

එස් ටී එෆ්  පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.

දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.


දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි

2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග  විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.

රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.

දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.