අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ සොරාගෙන


(ඉන්දිකා  රාමනායක සහ මනොප්‍රිය ගුණසේකර)

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පටුපස කොටසේ  නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ථානයට ඊයේ  (5) රාත්‍රියේ  කිසිවකු විසින් ඇතුලු වී භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

අධිකරණයට භූමියේ පිටුපස තාප්පයෙන් ඉහත පුද්ගලයා ඇතුලු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.

 සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ටාර්වරයා  පොලිසියට කළ පැමිණිල්ලකට අනුව   මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ඇතුලු වු පුද්ගලයා කුමන භාණ්ඩ සොරා ගෙන  ගොස් ඇති ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් (සොකෝ)  සිද්ධිය වු ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

 මෙම ස්ථානයේ වාහන අමතර කොටස්, අබිලි වාහන,  පාපැදි, යකඩබඩු,  ගෑස් ලිප්,  ආදී නඩු  භාණ්ඩ   ගබඩා කර ඇති බවද පොලිසිය පවසයි.

 සිද්ධියේ කිසිදු සැකකරුවක් මෙතෙක් හදුනාගෙන නොමැත කෙසෙල්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.