අලුත්කඩෙන් පෙළපාලි දෙකක්


පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි ඉල්ලන පෙළපාලියේ නීතීඥවරු දෙදහසක් පමණ පොද වැසි මධ්‍යයේ ගමන් ගනී.

කොළඹ මුළු පරිසරයම වැහිබර සීතල කාලගුණයක් පවතියි.

මේ අතර අගවිනිසුරුවරිය ඉවත්වියයුතු යැයි දෝෂාභියෝගයට පක්ෂව වෘත්තීය සමිති හා ජන සංවිධානය පෙළපාලිය ද අලුත්කඩේ සිට පිටකොටුව දෙසට ගමන් ඇරැඹීය. පිටකොටුව ස්වයරැකියා නියෝජිතයංගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ ඊට නායකත්වය දුන්හ.


ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි

2013 ජනවාරි මස 10 11:03:02 | තරිඳු ජයවර්ධන

අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි.


අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති

නීතීඥ පෙළපාළියට දිගටම අවහිර

2013 ජනවාරි මස 10 10:58:03 ( තිළිණි ද සිල්වා , දසුන් රාජපක්ෂ )

අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට ද රැස්ව සිටිති. දෝෂාභියේගියෝගයට එරෙහිව අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව කරා යාමට නීතීඥවරු උත්සාහ කළහ.

නීතීඥ පෙළපාලියට ඉඩ දෙන්නැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු දේෂාභියෝගයට පක්ෂ පිරිසෙන් ඉල්ලා සිටියහ.

එහි ප්‍රතිඵලය වූයේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් පමණි.




2013-01-09 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.125.3900 , විකුණුම් මිල රු.128.6500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.200.7000 , විකුණුම් මිල රු.206.8800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.1200 , විකුණුම් මිල රු.168.8500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.6500 , විකුණුම් මිල රු.140.0400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.126.2500 , විකුණුම් මිල රු.131.0400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.130.7100 , විකුණුම් මිල රු.135.9500 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.5400 , විකුණුම් මිල රු.105.2500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4266 , විකුණුම් මිල රු.1.4802 |

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අලුත්කඩේ පිරිසකට පොලු පහර

2013 ජනවාරි මස 10 10:33:20 | පාරුක් තාජුඞීන්

දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.

පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.

තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.

යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.


දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ

2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා

දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.

ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.

විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.

එස් ටී එෆ්  පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.

දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.


දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි

2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග  විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.

රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.

දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.