මෙතෙක් මිනිස් ඇසට හසු නොවූ හූනකු රන්මලේකන්ද වනාන්තරයෙන් සොයා ගැනීමට මෙරට පර්යේෂකයෝ පිරිසක් සමත්වූහ.
මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්වලට මායිම්ව රන්මලේකන්ද පිහිටා ඇත.
මෙම හූනන් විශේෂය දිවා කාලයේ වැඩියෙන් ක්‍රියාකාරී නිසා ‘දිවා සැරි හූනන්‘ ලෙස නම් කර තිබේ.
දිවා කාලයේ ක්‍රියා කාරී හුනන් අතරින් ද විශාල හූනා ලෙස මෙම හූනා හඳුනාගෙන ඇතැයි පර්යේෂකයෝ කියති.
ඉලාන් රංග විදානපතිරණ, එම් ඩී ගෙහාන් රජීව්, සමන්ත සුරංජිත් ප්‍රනාන්දු, නෙතු වික්‍රමසිංහ හා එල් ජේ මෙන්ඩිස් මහත්වරු මෙම පර්යේෂක කණ්ඩායමට අයත් වෙති.
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයය සහ පෞද්ගලික ආයතන දෙකක් මෙම පර්යේෂකයනට අනුග්‍රහය දක්වා ඇත.

