සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට එහි පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (02) පස්වරු 2.00ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.
මෙම රැස්වීම හෙට උදේ 10ට පැවැත්වීමට නියමිතව තිබුණත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමක් වන හෙයින් පස්වරුවට කල් දැමූ බව ද ඉද්දවල මහතා කීය.
ලබන අට වැනි දා පැවැත්වීමට නියමිත නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය හා පාර්ලිමේන්තුවේ ඉදිරි න්‍යාය පත්‍රය ඇතුළු කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ බලධාරීහු කියති.