(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ තනතුරු වෙනසේදී තමන් බලාපොරොත්තු වූ රුඩිකල් වෙනස සිදු නොවූ බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවසීය.
තනතුරු ලබාදීමේදි මෙයට වඩා තරුණ අයට අවස්ථාවක් ලබාදීමට ඉඩ තිබූ බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පවා අවධානය යොමු කළ බවත් ඔහු කියා සිටියේය.
එමෙන්ම පක්ෂයේ උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත් කිරීමට තමන් විරෝධය පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය. අනිකුත් තනතුරු සඳහා තම විරෝධයක් නොමැති බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.