(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා විසින් පරණ මිලටම ඉන්ධන ලබා දීමට නියෝග කර ඇති හෙයින් වැඩිවූ මිලට ඉන්ධන ලබාගත් අයට එම වැඩිපුර අයකරගත් මුදල ආපසු ලබා දීමට කටයුතු කරන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) විමසීය.
ඊට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය මහතා එම කරුණ ඛනිජ තෙල් අමාත්‍යවරයාට යොමුකර පිළිතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතාට උපදෙස් දුන්නේය.
අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණ පාර්ලිමේන්තුවේදී මතු කළ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකු සැඟවී ගෙන විවිධ දේ කියමින් දිසානායක මහතාගේ කතාවට උපහාසයෙන් යුතුව යම් යම් දේ කියන්නට විය.
කතානායක - එකවුද ඒ විදියට හැසිරෙන්නේ ?
අනුර කුමාර දිසානායක - ශරීරය වර්ධනය වුණාට කට මුකරි වුණාට මොළේ වර්ධනය නොවුණාම සිදු වන දේ මේ පාර්ලිමේන්තුවේ සිදු වෙනවා. එම නිසා අප එවා ඒ තරම් ගණන් ගන්නේ නැහැ.
සූප්පුවක් කටේ ගහලා කියන්න ඕන කරුණු මෙතන තියෙනවා. හරි ළාමක මෝරපු නැති ඔහේ කට වාචාලකමට දොඩවනව මහත්තයෙක්. ඔහේ දොඩවනවා. අපි ඒවා එච්චර ගණන් ගත යුතු නැහැ. තොටිල්ලේ දාගෙන නලවන්න ඕන බබෙක් එයා.