තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පතෙහි සමහර වගන්තීන් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවේ අනුමැතියෙන් සම්මත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
මෙම පනත් කෙටුම්පතෙන් රාජ්‍ය මූල්‍ය අත්තනෝමතික ලෙස පාලනයට අමාත්‍ය මණ්ඩලයට බලතල ලැඛෙන බවද පෙත්සම්කාර මන්ත්‍රීවරයා පෙන්වා දේ.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.