සුජිත් හේවාජුලිගේ
නියෝජ්‍ය කතානායකවරයකු පත් කර ගැනීම ලබන සතියේ 5 වැනිදා මැතිසබයේදී සිදු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
මේ සඳහා ඡන්දයක් පැවැත්වීමට සිදු වුවහොත් සුදානම් කර ඇතැයිද කතානායකවරයා කීය.
තිලංග සුමතිපාල මහතා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා කාරක සභා සභහපති තරනතුරුවලින් ඉල්ලා අස්වන බවට ඉකුත් මැයි මස 25 වැනිදා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
සුමතිපාල මහතාගේ මේ තීරණය ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනටමත් දැනුම් දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (3) වගන්තියේ ප්‍රකාරව ලබන 5 වැනිදා නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කර ගන්නා බව පාර්ලිමේන්තු බලධාරීහු කියති.
නියෝජ්‍ය කතානායක ධූරයට පක්ෂ කිහිපයක් නාම යෝජනා ඉදිරිපත් කෙරෙණු ඇතැයි දැනගන්නට ඇත.