නව මැතිවරණ ක්‍රමය සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද (12) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත වූ බව දේශපාලන ආරංචි කියයි.
එම කෙටුම්පතට අනුව පාර්ලිමේන්තුව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 237කි.
145 දෙනෙකු කොට්ඨාස ක්‍රමයට ද, 55 දෙනෙකු දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට ද, 27 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ද පත් කිරීමට නියමිතය.
මෙම කෙටුම්පතේ වෙනසක් කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුය.
පාර්ලමේන්තුවේ දැන් මන්ත්‍රී සංඛ්‍යාව 225කි.

