(අංජුල මහික වීරරත්න)
නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දෙයි.
එම අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට සීමා කෙරෙයි. රනිල් වික්‍රමසිංහ රජයේ අමාත්‍යවරුන් කිසිවකුත් වැටුප් හෝ අමතර වරප්‍රසාද නොලබා අමාත්‍ය ධුරවල කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට අනුකූලතාවය දක්වමින් අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ ඇත.
පවතින විරෝධතා වාතාවරණය පහව යනතුරු අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණක් පාවිච්චි කරන්න ද අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා දැනටමත් දැනුම් දී තිබේ.මෙන්ම කිසිදු අමාත්‍යවරයෙක් සඳහා පෙර ගමන් රථ හෝ පෙර ගමන් පොලිස් රථ පාවිච්චි කිරීමට අවසර නොලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.රටේ පවතින විරෝධතා සහිත වාතාවරණය පහව ගිය පසු පසුගමන් රථද නතර කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.