අලුත් ක්‍රමයේ පාස්පෝට් ටිකක් ප්‍රමාදයි


නවීන තාක්ෂණයෙන් යුත් ඇඟිලි සලකුණු සහිත නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළේ පවතින ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි අයදුම්කරුවෝ කියති.

මෙතෙක් පැවැති ක්‍රමවේදයෙන් බැහැරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගමන් බලපත්‍රය වෙනස් කිරීමට යාමෙන් තමන්ට පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පාලක ලක්ෂාන් ද සොයිසා මහතා පැවසූවේ අදාළ පුද්ගල ඡායාරූප අන්තර්ජාලය හරහා ලබාගැනීමේදී පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයක් සිදුවන බවත් කාර්යාල පරිශ්‍රයේ  පවතින විශාල තදබදයට පිළියමක් ලෙස අඟහරුවාදා සිට අයදුම්කරුවන් හැර බාහිර පුද්ගලයින්ට කාර්යාලයට පිවිසීමට අවසරය ලබා නොදී ඔවුන්ට බිම් මහලේ පිහිටි සේවා පියසේ රැඳී සිටීමට ඉඩසලසා ඇති බවයි.

passport-office_20158261 passport-office_20158262 passport-office_20158263 passport-office_20158264 passport-office_20158267 passport-office_20158268