අලුත් කඩෙත් පාළුයි


පසුගියදා දහවල පොලීසියේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව ලැබූ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අද පාළුවට ගොස් තිබිණි.

කොළඹ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස පිහිටි පෙදෙස ද අද පාළු ගතියක් ඉසිලීය. පොලිස් භටයකුවත් දක්නට නොලැබිණි.