අලුත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ නැකත පූර්ව භාර 10.40ට උදා විය.
නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ‍්‍ර බතක් ද තල මිශ‍්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යැයි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකැත් කමිටුව සඳහන් කර තිබිණි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීමේ හා ආහාර අනුභවය පූර්ව භාග 11.53 ට යෙදී තිබේ. නිල් වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි යැයි නැකත් කමිටුව සඳහන් කරයි.