අලුත් අවුරුද්දේ කොළඹට ගෙවල් දහ දාහක්


(අංජුල මහික වීරරත්න)

 2024 වසරේ  කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

එයින්  නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ  අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉදි කරන බව අමාත්‍යවරයා කීය.

නිවාස ව්‍යාපෘති 11 ක් යටතේ මෙම නිවාස ඉදි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් නිවාස ව්‍යාපෘති හයක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක අතර ඒ සඳහා චීන යුවාන් මිලියන 552 ( රුපියල් බිලියන 22 ක්) මුදලක් ආධාර වශයෙන් හිමිවන බව අමාත්‍යවරයා කීය. නිවාස 1996 ක් ඉදි කෙරෙන බවත්  ලබන මාර්තු මාසයේ දී එහි ඉදිකිරීම් අරඹන බවත් අමාත්‍යවරයා පැවසීය.